-2.5 C
New York

“කූඨ ලේඛන සාදා ගෙන්වූ බෙහෙත් මිනිස් සිරුරට සුදුසු නෑ” – අධිකරණයට දැනුම් දෙයි

Published:

මේ වනවිට අධිකරණයේ විභාග වෙමින් පවතින ව්‍යාජ ඖෂධ ගෙන්වීමේ සිද්ධියට අදාළව, ස්නායු රෝගීන් සඳහා ලබා දී ඇති ඉමියුනෝග්ලෝබින් සහ පිළිකා රෝගීන් සඳහා ලබා දී ඇති රිටොක්සි මැප් නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රෝගීන්ට ලබාදීමට නොව මිනිස් සිරුරට ඇතුළු කිරීමටවත් නුසුදුසු තත්වයේ පවතින බව එම ඖෂධ පිරික්සීම සඳහා පත්කළ විශේෂඥ වෛද්‍ය කමිටුව වාර්තා කර ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මින් ගිරහාගම මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නාය.

තමන් ගෙන්වන ලද ඖෂධ පරීක්ෂා කිරීමට හැකියාවක් නැතැයි ඖෂධ නියාමන අධිකාරිය දැනුම් දී ඇතැයි ද, එවැනි තත්වයක් තුළ සෞඛ්‍ය අමාත්‍යාංශයට සපයා ඇති ඖෂධ බාල තත්වයේ යැයි ප්‍රකාශ කරන්නේ කෙසේද යනුවෙන් එම ඖෂධ ගෙන්වූ බව කියන “අයුසුලේට් බයෝටෙක් ෆාර්මා” සමාගමේ හිමිකරු සුගත් ජනක ප්‍රනාන්දු විවෘත අධිකරණයේ දී ප්‍රශ්න කළේය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය මෙම කරුණු අනාවරණය කළේ එම ප්‍රශ්න කිරීමෙන් පසුවය.

Related articles

Recent articles

spot_img