-2.5 C
New York

විභාග දෙපාර්තමේන්තුවත් දෙකඩ වෙයි ?

Published:

ඉදිරියේ දී විභාග දෙපාර්තමේන්තුව කොටස් දෙකකට වෙන්කර පවත්වාගෙන යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ විභාග දෙපාර්තමේන්තුවේ එක් අංශයක් මුළුමනින් ම පාසල් විභාග සඳහා පමණක් වෙන්කරන බවයි.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ මහනුවර දිස්ත්‍රික් තරුණ සමුළුවට සහභාගී වූ තරුණ තරුණියන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනි.

ජනාධිපතිවරයා කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළුවන විට වයස අවුරුදු 18ක් බවත් වයස අවුරුදු 21 දී උපාධිය සම්පූර්ණ කළ බවත් එහි දී සිහිපත් කළේය.

“2025 හෝ 2026 සිට අපි නීතියක් පැනවිය යුතුයි මේ මේ මාසවල විභාගය පැවැත්විය යුතුයි. මේ මාසයේ දී ඒ දරුවන් විශ්වවිද්‍යාලයට ඇතුළත් කළ යුතුයි කියලා. ඒ නීතිය උල්ලංඝනය වුණොත් දඬුවම් ලබාදෙන ක්‍රමයක් හදන්න වෙනවා. අපි විභාග දෙපාර්තමේන්තුවේ එක් කොටසකට පාසල් විභාග භාරදෙනවා. අනික් කොටසට අනෙකුත් විභාග භාරදෙනවා. සාමාන්‍යයෙන් විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වන විභාග සංඛ්‍යාව 50-100ත් අතර අගයක් ගන්නවා. පාසල් විභාග කරන්නේ පහේ ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පමණයි. මෙලෙස අංශ දෙකකට වෙන් කළාම විභාග පැවැත්වීම වඩාත් කාර්යක්ෂම කරන්න පුළුවන්.”

Related articles

Recent articles

spot_img