-0.7 C
New York

දමිතා සහ ඇගේ සැමියා රිමාන්ඩ්

Published:

රංගන ශිල්පී දමිතා අබේරත්න සහ ඇගේ සැමියා ලබන 17 වැනි දා දක්වා රිමාන්ඩ් කරන්න යැයි කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

මූල්‍ය වංචා චෝදනා මත ඔවුන් දෙදෙනා මෙලෙස රිමාන්ඩ් කෙරිණි. ඊයේ (04) සවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඔවුන් අත්අඩංගුවට ගෙන අද අධිකරණයට ඉදිරිපත් කෙරිණි. විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දමිතා අබේරත්නට සහ ඇයගේ ස්වාමි පුරුෂයාට චෝදනා එල්ල වී ඇති අතර ඔවුන් ඊයේ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය මෝසමක් ඉදිරිපත් කරමින් කියා සිටියේ තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි. නමුත් එම නියෝගය ප්‍රතික්ෂේප කෙරිණි.

පසුව ඔවුන් දෙදෙනා අධිකරණයෙන් පිටතට පැමිණි අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත් අතර ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව අද (05) අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

Related articles

Recent articles

spot_img