-1.1 C
New York

තුර්කියේ ගින්නකින් 29ක් මරුට

Published:

තුර්කියේ රාත්‍රී සමාජ ශාලාවක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 29 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඉස්තාන්බුල් හි උස් ගොඩනැගිල්ලක පහළම මාලයේ ඇති මස්කෙරේඩ් සමාජ ශාලාව ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා වසා දමා තිබුණු අතර දිවා කාලයේදී ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරන ලදී.

ගින්න හටගත්තේ මධ්‍යම රාත්‍රියෙන් පසුව බවත් එයට හේතුව අපැහැදිලි බවත් ඉස්තාන්බුල් ආණ්ඩුකාරවරයා පැවසුවේය.

ගින්නෙන් විපතට පත් වූවන් ප්‍රතිසංස්කරණ කටයුතුවල නිරත වූවන් බව ද හෙතෙම පැවසීය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ, රාත්‍රී සමාජ ශාලාව ඉදිකිරීම් බලපත්‍රයක් සඳහා ඉල්ලුම් කර නොමැති බවයි.

“මෙම ස්ථානය සම්බන්ධයෙන් ප්‍රතිසංස්කරණයක් හෝ ඉදිකිරීමක් සඳහා මහ නගර සභාවට අයදුම්පතක් එවා නොමැති අතර එය බිම් මට්ටමේ සිට තට්ටු දෙකක් පහළින් තිබූ බැවින් එහි ප්‍රතිසංසිකරණ සිදුකරන බව නිරීක්ෂණය නොවීය,” ඔහු පැවසීය.

ගින්න සම්බන්ධයෙන් පුද්ගලයින් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මකයි.

අත්අඩංගුවට පත්වූවන් අතර සමාජශාලා කළමනාකරු සහ ප්‍රතිසංස්කරණ කළමනාකරු ද සිටියි.

Related articles

Recent articles

spot_img