spot_img
spot_imgspot_img

නොවටිනා ගජමුතු නිසා විශ්‍රාමික හමුදා නිලධාරියා අමාරුවේ

පුවත්

විදෙස්

ගජමුතු 04ක් යැයි කියමින් කිසියම් දෙයක් විකිණීමට සූදානම් කර සිටි විශ්‍රාමික යුද හමුදා නිලධාරියෙකු බේරුවල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 50 හැවිරිදි වියේ පසුවන අයෙකි.

පොලීසිය පවසන්නේ සැකකරු විසින් ගජමුතු 04 රුපියල් කෝටි 02 ආසන්න මුදලකට අළෙවි කිරීමට සැලසුම් කර සිටි බවයි. ඒබවට ලැබුණු තොරතුරක් අනුව උපාය දූතයන් යොදවා සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.  

ගජමුතු යනු විශාල වටිනාකමක් ඇති මුතු ඇට බවට ඇතමුන් විශ්වාස කරයි. එහෙත් එය වැරදි විශ්වාසයකි.

ඇතෙක්ගේ වර්ධනයත් සමග ඇතාගේ දන්තිනය වර්ධනය, දළයේ ආරම්භක ස්ථානයෙන් ඇරඹේ. කාලයත් සමග මෙම දන්තිනය එකතු වී, දළයේ කුහරය කෙටි වේ. දළය පළුදු වී හෝ රෝගී වී ඇති අවස්ථා වලදී, මෙම කුහරයට ආගන්තුක දෑ එකතු විය හැක. මේවා වටේටද දන්තිනය තැන්පත් වෙයි. මෙය කාලයත් සමග සිදුවන ක්‍රියාවලියකි. ගජමුතු යනු එවැනි දෑය.

ඇතැම් ගජමුතු ස්වභාවයෙන් ගෝලාකාර වේ. ඇතැම් ගජ මුතු දත් කුහරයේ ඇලී පවතියි. ඇතැම් ගජ මුතු කුහරය තුළට වැටී, සෙලවීම් සමග, ඝර්ෂණය වී රවුම් හැඩයකට පරිවර්තනය වේ. කිසිදු වටිනාකමක් නැති ගජමුතු රුපියල් ලක්ෂ ගණනට අළෙවි කරන්නට උතසාහ ගන්නේ ඒවා ගැන කිසිම අවබෝධයක් නැති මිනිසුන්ය.

පොලිස් නිලධාරීන් ද ගජමුතු ඇතිබව දැනගත් පසු උපායදූතයන් යොදවා කෝටි ගණනට ලංසු තබා ඒවා මිල දී ගැනීමට උත්සාහ ගනී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!