-1.1 C
New York

ලොව ප්‍රථම ඩ්‍රෝන අධිවේගී මාර්ගය

Published:

ලොව ප්‍රථම ඩ්‍රෝන අධිවේගී මාර්ගය ජුනි මාසයේදී බ්‍රිතාන්‍යයේ විවෘත කිරීමට සැලසුම් කර ඇතැයි වාර්තා වේ. එහිදි නියමුවන් රහිත ඩ්‍රෝන යානා මගින් රට පුරා අධිවෙගී බෙදාහැරීම් සිදුකිරීමට ඉඩ සලසයි.

සැතපුම් 165ක් දිග “ස්කයිවේ” ලෙස හඳුන්වන මෙම ගුවන් මාර්ග පද්ධතිය ඇල්ටියුඩ් ඒන්ජල් නම් සමාගම විසින් ක්‍රියාත්මක කරයි. බ්‍රිතාන්‍යයේ කොවෙන්ට්‍රි සහ මිලිටන් කේන්ස් නගර යාකරමින් මෙම මාර්ගය ඉදිවෙනු ඇත.

මෙම මාර්ගය බිම සිට පාලනය කළ හැකි ටවර් 30කින් සමන්විත වේ. ගුවනේ ඩ්‍රෝන යානා සමඟ සන්නිවේදනය කිරීමෙන්, කුළුණුවලට ගමනාගමනය සම්බන්ධීකරණය කළ හැකි අතර එමඟින් ඩ්‍රෝන යානා මුහුණ දෙන බාධාවන් මඟ හැරිය හැකිය. එක් කුළුණකට සැතපුම් 2.5ක සංඥා පරාසයක් ඇති අතර මේ සඳහා මිනිස් නියමුවන් අවශ්‍ය නොවන බව ඒන්ජල් සමාගම පවසයි.

භූමියේ සිට අඩි 400ක් ඉහල අහසේ මෙම ඩ්‍රෝන ගමන් මාර්ගය වැටී ඇත. කෙසේවුවද ඇතැම් විචාරකයින් පවසන්නේ මෙම මාර්ගය වැටී ඇති ප්‍රදේශ වල ජීවත්වන ජනතාවගේ පුද්ගලිකත්වයට සහ ආරක්ෂාවට මෙමගින් විශාල තර්ජනයක් එල්ල විය හැකි බවයි.

Related articles

Recent articles

spot_img