-0.7 C
New York

“ජනාධිපතිවරණයට පෙර වෙන මැතිවරණ බෑ”- රනිල් කියයි

Published:

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කර ගෙන තිබෙන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩ කටයුතු අවසන් වන තෙක් කිසිදු මැතිවරණයක් පැවැත්වීමට අවස්ථාවක් නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇමති මණ්ඩලය හා මැතිවරණ කොමිසම දැනුම්වත් කර තිබේ. 

ජනාධිපතිවරණය පැවැත්විය යුතු කාලය ව්‍යවස්ථානුකූලව එළඹෙන්නේ මූල්‍ය අරමුදලේ ක්‍රියාවලියට පසුව වන හෙයින් ජනපතිවරණය පැවැත්වීම අයි.එම්.එෆ් වැඩසටහනට බාධාවක් නොවන බව සඳහන් කර ඇති ජනාධිපතිවරයා රජය ඒ අනුව මැතිවරණ සිතියම සැලසුම් කර තිබෙන බව කීය.

රට ආර්ථික වශයෙන්  ඉදිරියට යාමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එක්ව කරන ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඉතා වැදගත් බැවින් ප්‍රමුඛතාවය දිය යුත්තේ එම වැඩසටහනට  බව ජනාධිපතිවරයා සඳහන් කර තිබේ. අමාත්‍ය මණ්ඩලය සහ  මැතිවරණ කොමිසමේ නිලධාරීන් වෙන වෙනම හමුවූ අවස්ථා වලදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මේ බව සඳහන් කර ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ජූලි මාසයේ අග වන තෙක් ක්‍රියාත්මක  බැවින් ඊට පෙර කිසිදු මැතිවරණයක් නොපවැත්වෙනු ඇතැයි ද ජනාධිපතිවරයා  කියා ඇත. 

ඒ අනුව මුලින්ම ජනාධිපතිවරණයට සුදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලය මෙන්ම මැතිවරණ කොමිසමේ නිලධාරීන්  දැනුම්වත් කොට ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

Related articles

Recent articles

spot_img