5.2 C
New York

අනාචාරයේ හැසිරුණොත් ගල් ගසා මරා දමයි ?

Published:

ඇෆ්ගනිස්තානයේ කාන්තාවන් අනාචාරයේ හැසිරෙන්නේ නම් ප්‍රසිද්ධියේ ගල් ගසා මරා දැමීමේ දඬුවම යළි ක්‍රියාත්මක කිරීමට තලෙයිබාන් පාලනය තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තලේබාන් නායක මුල්ලා හිබතුල්ලා අකුන්සාදා විසින් මේ සම්බන්ධයෙන් නිල නිවේදනයක් නිකුත් කර ඇත.

ඇෆ්ගනිස්තානයේ පාලනය ලබාගැනීමෙන් පමණක් තලෙයිබාන් සංවිධානයේ කටයුතු අවසන් නොවන බව ද සිය තීරණය නිවේදනය කරමින් තලෙයිබාන් නායකයා කියා තිබේ.

2021 වසරේ දී ඇෆ්ගනිස්තානයේ පාලනය අත්පත් කරගැනීමෙන් පසු අධ්‍යාපන, රැකියා ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් සම්බන්ධයෙන් කාන්තාවන්ට දැඩි සීමා පනවනු ලැබීය. ඇෆ්ගනිස්තානයේ කාන්තාවන් හා දැරියන් සම්බන්ධයෙන් පවතින කොන්දේසි, ගෝලීය වශයෙන් ඉතා දරුණු තත්ත්වයක පවතින බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය ද පෙන්වාදී ඇත.

Related articles

Recent articles

spot_img