-0.7 C
New York

හොඳට හිටපු ඥානසාර, බන්ධනාගාරයේ දී ලෙඩ වෙලා

Published:

වසර හතරක කාලයක් බරපතල වැඩ සහිතව බන්ධනාගාරගත කරන ලද බෙදුබල සේනා සංවිධානයේ නායක ගලබොඩඅත්තේ ඥානසාර අද (29) බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක පවසයි.

ජාතික හා ආගමික සංහිඳියාවට හානි කිරීමේ චෝදනා සම්බන්ධ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කර බන්ධනාගාර බසයට රැගෙන යනවිටත් ඥානසාර ඉතාමත් හොඳ සෞඛ්‍ය තත්වයෙන් පසුවූවේය. කෙසේ වෙතත් පපුවේ අමාරුවකින් පෙළෙන්නේ යැයි දැනුම්දීමෙන් පසුව වෛද්‍යවරු පරීක්ෂා කර රෝහල්ගත කළ බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

ඊයේ (29) සවස 2.00ට පමණ උසාවි භූමියේ සිට වැලිකඩ බන්ධනාගාරයට ගෙන ගිය ගලබොඩඅත්තේ ඥානසාර හිමිට බන්ධනාගාරයේ රැඳවූවන්ට ලැබෙන ජම්පරය ඇඳ ගැනීමට සිදුව තිබිණි.

Related articles

Recent articles

spot_img