-0.7 C
New York

චීනයෙන්, හම්බන්තොටට තෙල් පිරිපහදුවක්

Published:

හම්බන්තොට වරාය පරිශ්‍රයේ චීන සයිනොපෙක් සමාගම විසින් තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට කැමැත්ත ලබා දී තිබේ.

විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා X පණිවුඩයක් නිකුත් කරමින් කියා ඇත්තේ, සයිනොපෙක් සමාගමේ නියෝජිතයින් පිරිසක් තමාට ඒ බව දැන්වූ බවයි.

එම සාකච්ඡාව ඊයේ (27) කොළඹදී පවත්වා ඇත.

පිරිපහදුව හම්බන්තොට ස්ථාපනය කිරීමට අදාළ එකඟතා ගිවිසුම් කඩිනමින් අත්සන් කිරීමට සයිනොපෙක් සමාගම එකඟ වී තිබුණා.

එම ව්‍යාපෘතිය සඳහා ආයෝජනය වැඩි කිරීමටත් පිරිපහදුවේ ධාරිතාවය වැඩි කිරීමටත් එකඟ වී ඇති අතර ව්‍යාපෘතිය ජූනි මාසයේදී ආරම්භ කිරීමට නියමිතයි.

එම ව්‍යාපෘතිය සඳහා පසුගිය නොවැම්බර් මාසයේදී කැබිනට් අනුමැතිය හිමිවූ අතර එහි ආයෝජනය සඳහන් වූයේ ඩොලර් බිලියන 4.5ක් ලෙසයි.

Related articles

Recent articles

spot_img