-0.7 C
New York

වසර 19ක් විලිවදා, කෝටි ගණනක් ගසා කෑ, මාතෘ රෝහල විවෘත කරයි

Published:

සුනාමියෙන් හානියට පත් වූ මහමෝදර මාතෘ රෝහල වෙනුවෙන් ජර්මන් හිටපු චාන්සලර් හෙල්මුත් කෝල්ගේ පරිත්‍යාගයකින් වසර 19කට ඉදිකිරීම් ඇරඹූ නව මාතෘ රෝහල අද (27) විවෘත කෙරිණි.

එම රෝහල ඉදිකිරීම සඳහා අවශ්‍ය සම්පූර්ණ මුදල 2005 වර්ෂයේ දී හෙල්මුත් කෝල් පදනම මගින් ශ්‍රී ලංකාවට ලබා දුන්න ද එම මුදලට සිදු වූ දෙයක් මෙතෙක් සොයාගත නොහැකි වී තිබේ.

වසර 19ක් පුරා ඉදිකිරීම් කළ මෙම රෝහල ඉදිකිරීම සඳහා පසුව ණය මුදලක් ද ලබාගෙන තිබේ.

හෙල්මුත් කෝල් රෝහල ලෙස නම්කරමින් ඉදිකිරීම් ආරම්භ කළ එම රෝහල අද (27) ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතින් විවෘත කෙරිණි.

මුදල් කෝටි ගණනක් අස්ථානගත කරමින්, ඒවාට සිදු වූ දෙයක් සොයාගත නොහැකි තත්වයට පත්කරමින් ඉදිකළ මෙම රෝහලට පසුගිය දා ලැබුණු උපකරණ තොගයකට ද වූ දෙයක් කිසිවෙකු දන්නේ නැත.

rata.lk අපි මේ රෝහලේ ඉදිකිරීම්වලදී සිදු වූ අක්‍රමිකතා, වෛද්‍ය හා වෙනත් උපකරණ ගෙන්වීමේ දී සිදු ව ඇති අක්‍රමිකතා මෙන්ම රෝහලේ මූලික සැළැස්ම පසෙක තිබිය දී විවිධ පුද්ගලයන්ගේ අවශ්‍යතා මත එහි ඉඩ වෙන්කරගෙන ඇති ආකාරය පිළිබඳව ද ඉදිරි ලිපි කිහිපයකින් හෙළිදරව් කිරීමට බලාපොරොත්තු වන්නෙමු.

වසර 19ක කාලයක් ඉදිකිරීම් සිදුකළ මේ නව රෝහල “ජර්මන් ශ්‍රී ලංකා මිත්‍රත්ව මාතෘ රෝහල” ලෙස නම්කර තිබේ.

Related articles

Recent articles

spot_img