-2.5 C
New York

දුරකථන පෙන්වා කොල්ලකෑ පුද්ගලයෙක්, පොලිස් වෙඩිල්ලකින් මරුට

Published:

මුදල් කොල්ලකෑමට පැමිණි පුද්ගලයකු පොලිස් වෙඩි තැබීමකින් මියගිය බව පොලිසිය පවසයි.

ඇපල් වර්ගයේ ජංගම දුරකථන අළෙවි කරන බවට දැන්වීම් පළකර ඒවා මිල දී ගැනීමට පැමිණෙන පුද්ගලයන්ගෙන් මුදල් කොල්ලකෑමට උත්සාහ දැරූ තිදෙනකුගෙන් එක් අයකු මියගොස් ඇත.  

මෙම ජංගම දුරකථන මිල දී ගැනීමට පැමිණි රුවන්වැල්ලේ පිරිසකට ඔවුන් ගැන සැකයක් ඇති වී ඒ පිළිබඳ පොලිසියට පවසා පොලිසිය සමඟ එහි ගොස් තිබේ. එවිට නාරම්මල ප්‍රදේශයේ ස්ථානයකට පැමිණෙන ලෙස දැනුම් දී ඇති බැවින් එම ස්ථානයට ගිය විට ජංගම දුරකථන අළෙවි කරන බව කියූ පුද්ගලයන් ඔවුන් ගිය වාහනයට තියුණු ආයුධවලින් පහර දී තිබේ.

එම අවස්ථාවේ පොලිස් නිලධාරීන් සමඟ ඇති වූ පොරබැදීම අතරතුර පොලිසියට ඔවුන්ට වෙඩි තැබීමට සිදු වූ බවත් එක් අයකු වෙඩි වැදීමෙන් තුවාල ලැබූ අතර දෙදෙනකු පලාගිය බවත් පොලිසිය සඳහන් කරයි. තුවාලකරු රෝහල්ගත කිරීමේ දී මියගොස් ඇත.

දුරකථන මිල දී ගැනීමට පැමිණි පුද්ගලයන් දෙදෙනා ද තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව පොලිසිය සඳහන් කළේය.

Related articles

Recent articles

spot_img