-0.7 C
New York

ඉන්දියාවේ ලොකු ලූනු මිල බහිද්දී, ලෝකයේ ම මිල වැඩි වෙයි

Published:

ඉන්දියාවේ දේශීය වෙළෙඳ පෙ‍ාළෙහි ලූනු මිල පාලනය කරගැනීම සඳහා පනවන ලද ලූනු අපනයනය කිරීමේ තහනම තවදුරටත් දීර්ඝ කිරීමට එරට රජය තීරණනය කර තිබේ.

පසුගිය දෙසැම්බර් මාසයේ ඉන්දීය රජය විසින් පනවන ලද මෙම තහනම ලබන 31 වැනි දා අවසන් වීමට නියමිතව තිබිණි.

ලූනු අපනයනය තහනම් කිරීමත් සමග ඉන්දීය වෙළෙඳපොළ තුළ ලූනු මිල සීඝ්‍ර ලෙස පහත වැටිණි. මෙලෙස මිල පාලනය කරන ලද්දේ ඉදිරි මැතිවරණය ඉලක්ක කරගෙන බව දේශපාලන විචාරකයෝ කියති.

ඉන්දියාව ලෝකයේ විශාලත ම ලොකු ලූනු අපනයනය කරුවා ය.

ඉන්දියාව විසින් පැනවූ මෙම තහනම හේතුවෙන් බොහෝ රටවල ලොකු ලූනු මිල මේ වනවිට ඉහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකාවේ ද ලොකු ලූනු මිල සීඝ්‍ර ලෙස ඉහළ යාමට ඉන්දියාව විසින් පනවා ඇති එම තහනම ප්‍රධානතම හේතුව වී ඇති බව වාර්තා වෙයි.

Related articles

Recent articles

spot_img