spot_img

කේට් කුමරියටත් පිළිකාවක්

පුවත්

විදෙස්

වේල්සයේ කුමරිය ලෙස හැඳින්වෙන කේට් කුමරියට පිළිකාවක් වැළඳී ඇති බවත් ශල්‍යකර්මයකින් පසු මේ වනවිට ඇය කීමෝ ප්‍රථිකාර සඳහා යොමුවී සිටින බවත් විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ.

පසුගිය ජනවාරියේ උදරයේ සැත්කමකට භාජනය වූ කුමරිය ඉන්පසු ප්‍රථම වරට මාධ්‍ය ඉදිරියේ වීඩියෝ පටයකින් මේ බව පවසා ඇත.

“මම ශල්‍යකර්මයෙන් සුවය ලබමින් සිටිනවා. පසුගිය මාස කිහිපය මටත් මගේ පවුලේ අයටත් ඇදහිය නොහැකි තරම් දුෂ්කර කාලයක් වුණා. ජනවාරි මාසයේදී මගේ උදරයේ සංකීර්ණ සැත්කමක් සිදුකළා. එය පිළිකා තත්ත්වයක් බව අප සිතුවේ නැහැ. නමුත් පසුව කරන ලද පරීක්ෂණ වලින් එය පිළිකාවෙක් බව සොයාගත්තා. එම නිසා මා මේවනවිට කිමෝ ප්‍රථිකාර සඳහා යොමුවී සිටිනවා. සැමියා විලියම්, දරු තිදෙනා සහ පවුලේ අය සමග මම මේ තත්ත්වය කළමනාකරනය කරගනිමින් සිටිනවා. මට සුබ පැතුම් එක්කළ සියළු දෙනාටම ස්තූතියි.” යනුවෙන් වීඩියෝවේ ඇය පවසා සිටියා.

මේ වනවිට විලියම් කුමරුගේ පියා වන බ්‍රිතාන්‍යයේ තෙවන චාර්ල්ස් රජු ද පුරස්ථි ග්‍රන්ථිය ආශ්‍රිත පිළිකාවකින් පෙළීම හේතුවෙන් රාජකාරි කටයුතු වලින් ඉවත් වී ප්‍රථිකාර සඳහා යොමුවී සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles