spot_img
spot_imgspot_img

පොලිතින් තොගයක්, සිමෙන්ති කම්හලේ දී විනාශ කරයි

පුවත්

විදෙස්

අධිකරණයෙන් ලබාදුන් නියොගයක් අනුව පොලිතීන් කිලෝ ග්‍රෑම් 5,377ක් පුත්තලම සිමෙන්ති කර්මාන්තශාලාවේ දී විනාශ කර තිබේ.

මධයම පරිසර අධිකාරිය සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය එක්ව සිදුකරන ලද වැටලීම්වල දී අත්අඩංගුවට ගත් මෙම පොලිතීන් තොගය ආහාර දවටන ලෙස භාවිතා කිරීමට අළෙවියට තබා තිබූ ඒවාය.

ජාතික පාරිසරික පනත යටතේ තහනම් කර ඇති ‍මෙම ආහාරද දවටන විනාශ කිරීමට අධිකරණයෙන් නියෝගයක් ලැබී තිබිණි. ඒ අනුව පුත්තලම සිමෙන්ති කර්මාන්තශාලාවේ අධිබලැති දාහකතුළ දමා විනාශ කෙරිණි.

එම ආහාර දවටනවල වටිනාකම රුපියල් ලක්ෂ 30ක් පමණ වන අතර අධිකරණ ‍12ක පවරණ ලද නඩුවලින් විනාශ කරන ලෙස නියෝග ලැබුණු පොලිතින් තොගයක් මෙලෙස විනාශ කෙරිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!