-2.5 C
New York

නොමිළයේ හාල් බෙදන්න රජය සැරසෙයි

Published:

අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 27කට වැඩි ප්‍රමාණයකට සහල් නොමිළයේ බෙදාදීමට රජය සූදානම් වෙයි.

මේ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

2023 වර්ෂයේ මුල් භාගයේ දී සමෘද්ධිලාභීන් ඇතුළු අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 27.4ක් සඳහා මාසයකට නාඩු සහල් කිලෝ ග්‍රෑම් 10 බැගින් මාස දෙකක කාලයක් ලබා දී තිබිණි.

අඩු ආදායම්ලාභී පවුල්වල පෝෂණ මට්ටම පවත්වාගෙන යාමට උපකාරයක් වශයෙන් මෙම වර්ෂයේදී ද එම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට රජය සැරසෙයි.

ඒ අනුව සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල්  හිමියන් සම්බන්ධ කර ගනිමින් දිස්ත්‍රික් ලේකම්වරුන් දිසාපතිවරුන් හරහා හඳුනා ගත් අඩු ආදායලාභී පවුල් ලක්ෂ 27කට වැඩි පිරිසක් ආවරණයක් වන පරිදි සහල් ලබා දෙනු ඇත.

Related articles

Recent articles

spot_img