spot_img
spot_imgspot_img

ලාංකික සම්භවයක් සහිත යුවලකගේ සිරුර මෙල්බර්න් නිවස ඉදිරිපිට

පුවත්

විදෙස්

ඕස්ට්‍රේලියාවේ, මෙල්බර්න් හි වොරන්ඩයිට් ප්‍රදේශයේ නිවසක් ආසන්නයේ තිබී ශ්‍රී ලාංකික සම්භවයක් සහිත වයෝවෘද්ධ යුවලකගේ මළ සිරුරු සොයාගෙන ඇතැයි ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තාකර තිබේ.

පොලිසිය පවසන්නේ මෙම යුවල පදිංචිව සිටි නිවස ඉදිරිපිට තිබී මළ සිරුරු පසුගිය 12 වනදා පෙරවරුවේ සොයාගත් බවයි. එක් සිරුරක් ඔවුන්ට අයත් මෝටර් රථය තුළ ද අනෙක් සිරුර ඒ ආසන්නයේ තිබී ද සොයාගෙන ඇත. මොවුන් ඩොයින් කැස්පර්ස් සහ මාලින් කැස්පර්ස් ලෙස හඳුනාගෙන තිබේ.

මෙතෙක් ඔවුන්ගේ මරණ වලට නිශ්චිත හේතුවක් සොයාගැනීමට පොලිසිය අසමත්ව ඇති නමුත් ඔවුන් පවසන්නේ මරණ සැකකටයුතු නොවන බවයි. මරණ වලට නිශ්චිත හේතුව සොයාගැනීම සඳහා පශ්චාද් මරණ පරීක්ෂණයකට යොමුකර ඇති බවද ඔවුහු පවසති.

අසූ හැවිරිදි වියේ පසුවූ මියගිය යුවල එම ප්‍රදේශයේ වසර 25ක පමණ කාලයක සිට ජීවත් වූ අය වෙති. අසල්වැසියන් පවසන්නේ මොවුන් බෙහෙවින් මිත්‍රශීලී යුවලක් බවයි. කැස්පර්ස් මහත්මිය ඇල්සයිමර් රෝගියෙකු බවත් ඇගේ සැමියා සහ දරුවන් විසින් ඇය රැකබලාගත් බවත් ඔවුහු පවසති.

කෙසේවුවද පොලිසිය පවසන්නේ පසුගිය දිනවල මෙල්බර්න් නගරයේ දෛනික උෂ්ණත්වය සෙල්සියස් අංශක 36 දක්වා ඉහල ගොස් තිබුණු බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!