-2.5 C
New York

මහබැංකුවේ වැටුප් කප්පාදු කරන්න පාර්ලිමේන්තුවට යෝජනාවක්

Published:

මහබැංකු නිලධාරීන් විසින් තමන්ගේ ම වැටුප 70%කින් වැඩිකර ගැනීම අවලංගු කිරීම සඳහා පුද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මම්පිල විසින් පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් නීතිඥ හංස අබේරත්න වෙත අද (13) බාර දුන්නේය

2023 අංක 16 දරණ ශ්‍රී ලංකා මහ බැංකු පනත සංශෝධනය කිරීම සඳහා මෙම පුද්ගලික මන්ත්‍රී කෙටුම්පත ඉදිරිපත් කර ඇත.

මහ බැංකුවේ  නිලධාරීන් සිය වැටුප් 70% කින් වැඩි කර ගැනීම අහෝසි කිරීම සහ එම බැංකුවේ වැටුප් වැඩි කිරීමේදී මුදල් අමාත්‍යවරයාගේ එකඟතාවය ලබා ගැනීම අනිවාර්ය කිරීම මෙම පනත් කෙටුම්පතේ අරමුණ වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සහකාර මහලේකම්  නීතිඥ  හංස අබේරත්න ප්‍රකාශ කරන්නේ ජාතික වැදගත්කමක් සේ සලකා මෙම පනත් කෙටුම්පත නීතිපතිවරයාගේ මතය විමසීමට කඩිනමින් ඉදිරිපත් කරන බවයි.

Related articles

Recent articles

spot_img