-2.5 C
New York

STF ඉවත්කර, අධිවේගයට රක්නා ලංකා සමාගම

Published:

අධිවේගී මාර්ගයේ සේවය කළ පොලිස් විශේෂ කාර්ය බළකාය අද (11) සිට ඉන් ඉවත්කර රක්නා ලංකා සමාගමේ නිලධාරීන් ඒ සඳහා අනුයුක්ත කර ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි

අධිවේගී මාර්ග විවෘතකළ දිනවල සිට ම පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළුන් යොදවා සිටි අතර ගිනි නිවීමේ සහ ජීවිත ගලවා ගැනීමේ කටයුතුවල ඔවුහු නිරතවූහ. මෙලෙස ඔවුන් සේවයෙන් ඉවත්කර ඇත්තේ මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් වන අතර ඒ වෙනුවට රක්නා ලංකා ආයතනයේ සාමාජිකයන් යොදවා ඇත.

මේ වන විට මුළු අධිවේගී මාර්ග කොට්ඨාසේම ගැලනිගම, සීදුව, කුරුඳුගහ හැතැක්ම, පින්නදූව හා සූරියවැව ආදී කඳවුරු පහක   පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළුන් 200කට ආසන්න ප්‍රමාණයක් සේවයේ යොදවා තිබුණි.

රක්නා ලංකා යනු රජය සතු සමාගමකි.

Related articles

Recent articles

spot_img