-0.8 C
New York

ඔස්කාර් සම්මාන උළෙලේදී “ඕපන්හයිමර්” චිත්‍රපටයට සම්මාන හතක්

Published:

ඇමරිකාවේ ලොස්ඇන්ජලීස් නුවර හොලිවුඩ් හි ‌ඩොල්බි රඟහලේ පැවති 96වන ඔස්කාර් සම්මාන උළෙලේදී “ඔ්පන්හයිමර්” චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය සහ හොඳම නළුවා ඇතුළු සම්මාන හතක් දිනා ගැනීමට සමත් විය.

පරමාණු බෝම්බයේ පියා වන ‌ජේ. රොබට් ඔ්පන්හයිමර් ගේ චරිතාපදානය පාදක කරගෙන ඔ්පන්හයිමර් චිත්‍රපටය නිපදවා තිබේ. හොඳම නළුවා ලෙස ඔ්පන්හයිමර් චරිතය නිරූපනය කළ සිලියන් මර්ෆ්, හොඳම අධ්‍යක්ෂණය ලෙස ඔ්පන්හයිමර් අධ්‍යක්ෂණය කළ ක්‍රිස්ටෝෆර් නොලාන්, හොඳම සහාය නළුවා ලෙස ඔ්පන්හයිමර් හි රොබට් ඩවුනිං තේරුනු අතර හොඳම කැමරාකරණය, හොඳම සංස්කරණය සහ හොඳම චිත්‍රපටය යන සම්මාන ද ඔ්පන්හයිමර්ට හිමිවිය.

හොඳම නිළිය සම්මානය දිනා ගත්තේ, “පුවර් තිංග්ස්” චිත්‍රපටයේ රඟපෑ ඒමා ස්ටෝන් ය.

හොඳම විදෙස් චිත්‍රපටය වූයේ “ද සෝන් ඔෆ් ඉන්ටරෙස්ට් නම් බ්‍රිතාන්‍ය චිත්‍රපටයයි.

“ද බෝයි ඇන්ඩ් ද හෙරන්” හොඳම සජීවීකරණ චිත්‍රපටය ලෙස සම්මාන ලැබීය.

https://edition.cnn.com/2024/03/10/entertainment/review-oscars-hits-misses-performances/index.html

Related articles

Recent articles

spot_img