5.4 C
New York

ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල නිකුත්කරයි

Published:

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇතැයි ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එම ප්‍රතිඵල www.doenets.lk සහ www.results.exams.gov.lk වෙබ් අඩවිවලින් ලබාගැනීමේ හැකියාව තිබේ.

සිසු දරුවන්ගේ විභාග අංකය ඇතුලත්කිරීමේන ප්‍රතිඵල නිරීක්ෂණය කළ හැකි අතර අදාල විභාග ප්‍රතිඵල සටහන බාගත කර මුද්‍රිත පිටපතක් ලබා ගැනීමට ද පහසුකම් සලසා ඇත.

2020 ඔක්තෝබර් මස 11 වන දින පැවැති මෙම විභාගය සඳහා සිසුන් 331,741ක් අයදුම් කර තිබූ අතර විභාගයට පෙනී සිටියේ 325,264 දෙනකු පමණි.

විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ විභාගයෙන් සිසුන් 20,000ක් සඳහා ශ්‍යිාධාර ලබාදෙන අතර ඉන් ශිෂ්‍යත්ව 250ක් විශේෂ අවශ්‍යතා සහිත සිසුන් සඳහා වෙන්කර ඇත.

විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ ශ්‍රී ලංකා මට්ටමින් හෝ දිස්ත්‍රික් මට්ටමින් සිසුන් ශ්‍රේණිගත කර නොමැති බවයි. විදුහල්පතිවරුන් වෙත ද පරිශීලක නාම හා මුරපද ලබා දී ඇති අතර එමගින් විද්‍යාල මට්ටමින් ප්‍රතිඵල ලේඛණ ලබාගැනීමේ පහසුකම් ද සළසා ඇත

Related articles

Recent articles

spot_img