-0.8 C
New York

සිසුන් 287ක් පැහැරගෙන

Published:

නයිජීරියාවේ තුවක්කුකරුවන් පිරිසක් විසින් උතුරු දිග කුරිගා නගරයේ පාසල් සිසුන් 200 කට වැඩි පිරිසක් පැහැරගෙන ගොස් තිබේ. මෙය 2021 වසරින් පසු පාසලක සිදු වූ විශාලතම සමූහ පැහැර ගැනීම බව ප්‍රාන්ත පොලිසිය පවසයි.

“බ්‍රහස්පතින්දා උදේ 8:00 ට (ප්‍රාදේශීය වේලාවෙන්)LEA පාසල් භූමියෙන් සිසුන් පැහැරගෙන ගොස් ඇත. සිසුන් 287 ක් පමණ තවමත් කොල්ලකරුවන් අතේ සිටින අතර, ප්‍රාථමික අංශයෙන් 100 ක් සහ ද්විතීයික පාසලෙන් 187 ක් පමණ පැහැරගෙන ගොස් සිටිති, ” පොලිස් ප්‍රකාශක හසන් පැවසුවේය. මුලදී සිසුන් 300 කට වැඩි පිරිසක් පැහැරගෙන ගිය නමුත් සමහරක් බේරා ගත් බව ද ඔහු .

ප්‍රදේශයේ ආරක්‍ෂාව නොමැතිකම මෙම පැහැර ගැනීමට හේතුව බවට දෙමාපියන් සහ ප්‍රදේශවාසීහු චෝදනා කළහ.

ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය නයිජීරියානු බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ සිසුන් ආරක්ෂිතව බේරාගැනීමට වහාම කටයුතු කරන ලෙසයි.

නයිජීරියානු අගනුවර වන අබුජාට නිරිත දෙසින් මායිම්ව ඇති කඩුනා ප්‍රාන්තය, කොල්ලකරුවන් විසින් කප්පම් ගැනීම සඳහා පැහැරගෙන යාමේ සිදුවීම් නිරන්තරව වාර්තා වන අතර LEA ප්‍රාථමික හා ද්විතියික පාසල පිහිටා ඇති දිස්ත්‍රික්කය ඇතුළුව දිස්ත්‍රික්ක කිහිපයක මෑත වසරවලදී සමූහ පැහැරගැනීම් කිහිපයක් සිදුවී තිබේ.

2021 දී, සිසුන් 140ක් පෞද්ගලික ද්විතීයික පාසලකින් සන්නද්ධ මිනිසුන් විසින් පැහැරගෙන ගොස් තිබිණි. චිකුන්ගේ කසරාමි ගම්මානයේ පෞද්ගලික විශ්ව විද්‍යාලයක සිසුන් 20 දෙනෙකු පමණ තුවක්කුකරුවන් විසින් පැහැරගෙන ගොස් මාස කිහිපයකට පසු මෙම සිදුවීම වාර්තා වූ අතර, ඔවුන්ගෙන් පස් දෙනෙකු කප්පම් නොගෙවීම නිසා මරා දමන ලද බව ද පවුලේ සාමාජිකයෝ පැවසූූහ.

https://edition.cnn.com/2024/03/08/africa/gunmen-kidnap-287-school-children-in-nigerias-northwest-intl/index.html


Related articles

Recent articles

spot_img