5.4 C
New York

අද රෝගීන් 704ක් වාර්තා වෙයි

Published:

ශ්‍රී ලංකාවෙන් අද (15) වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 704ක් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. මීට පැය කිහිපයකට පෙර ආසාදිතයන් 544ක් වාර්තාවී ඇති බවට නිවේදනය කළ අතර ඉන් පසු තවත් ආසාදිතයන් 160ක් වාර්තා වී ඇතැයි නිවේදනය කෙරිණි.

අද වාර්තා වූ ආසාදිතයන් 704 දෙනා ද සමග මේ වනවිට ශ්‍රී ලංකාවෙන් හඳුනාගත් සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 17,287 දක්වා ඉහළ ගොස් තිබේ. සෞඛ්‍ය අංශ පවසන්නේ ඉන් 11,495 දෙනකු මේ වනවිට සුවය ලබා ඇති බවයි. රෝගීන් 58 දෙනෙක් මියගියහ. වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් සංඛ්‍යාව 5,734 දෙනෙකි.

යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසන්නේ අද වාර්තා වූ සියලුම රෝගීන් මීට ඉහත වාර්තා වී සිටි කොරෝනා රෝගීන්ගේ සමීප ආශ්‍රිතයන් බවයි.

Related articles

Recent articles

spot_img