4.4 C
New York

ප්‍රවීණ නිවේදිකාව, රංගන ශිල්පිනිය දිවි සැරිය නිම කරයි

Published:

ප්‍රවීණ මාධ්‍යවේදිනියක් මෙන්ම ප්‍රකට ගුවන් විදුලි නිවේදිකාවක් සහ රංගන ශිල්පිනියක් වන රම්‍යා වනිගසේකර අද(08) පෙරවරුවේ අභාවප්‍රාප්ත වූ බව පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි. 

අභාවප්‍රාප්ත වන විට ඇය 73 වැනි වියේ පසුවිය.

1976 දී වේදිකා නාට්‍ය රංගනයෙන් ක්ෂේත්‍රයට පිවිසි රම්‍යා වනිගසේකර 1978 දී ‘මන රංජන වැඩ වර්ජන’ වේදිකා නාට්‍යයේ පෙරළිකාර චරිතයකට පණ පොවමින් ජනාදරයට පත්විය. මූදු පුත්තු සහ සඳ කිඳුරු වේදිකා නාට්‍ය වල පසුබිම් ගායනය සඳහා ඒක්වූ ඇය ඒස්තිරාජ මහත්තයා, අංගාරා ගඟ ගලා බසී, හිරු නැති ලොව, සිරිසඟබෝ, අහසින් වැටුණු මිනිස්සු, ජේලර් උන්නැහේ වැනි විශිෂ්ඨ වේදිකා නාට්‍ය රැසකට ද රංගනයෙන් දායක විය.

” කැළණි පාලම වේදිකා නාට්‍යයේ මැටිල්ඩාගේ චරිතය හරහා වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ නොමැකෙනනාමයක් තැබීමට සමත් වන රම්‍යා රිදී නිම්නය චිත්‍රපටයෙන් සිනමාවට අවතීර්ණ වූවාය. සරිගම, ටිකිරි සුවඳ, කෝ මාර්ක් නෝ මාර්ක් යන චිත්‍රපට සඳහා ද ඇය රංගනයෙන් දායක විය. පළිඟු මැණිකේ, කන්දේ ගෙදර, පබා, තූර්යා, සල් සපුුුනා, දිවිතුරා ඇතුළු ටෙලි නාට්‍ය රැසකට ද ඇය රංගනයෙන් දායකත්වය සැපයීය.උණ්ඩා සම්මානය ඇතුළු සම්මාන ගනනාවකින් ද ඇය පිදුම් ලැබුවාය.

1980 දී ඇය ශ්‍රී ලං ගුවන්විදුලි සංස්ථාවේ ගුවන්විදුලි සන්නිවේදිකාවක ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ අතර 2006 දී විශ්‍රාම යන තෙක්ම නිත්‍ය ප්‍රවෘත්ති නිවේදිකාවක් විය. ඇය ගුවන්විදුලියේ ඒ ශ්‍රේණියේ නූර්ති ගීත ගායන ශිල්පිනියක් ද වූවාය.

ඇය හඬ කැවීමි ශිල්පිනියක් ලෙස ද කටයුතු කළ අතර ප්‍රවීණ   ⁣නාට්‍ය කරුවකු සහ නවකතා  ලේඛකයකු වන  දිවංගත ආර් ආර් සමර කෝන් මහතා ඇයගේ ස්වාමිපුරුෂයා ය.

Related articles

Recent articles

spot_img