1 C
New York

හදිසි හිම පතනය 35කට මරු කැඳවයි

Published:

පසුගිය සති අන්තයේ පකිස්ථානයේ දුෂ්කර ප්‍රදේශවලට ඇතිවූ අනපේක්ෂිත හිම පතනය හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 35 දෙනෙකු මිය ගිය අතර තවත් දුසිම් ගනනක් තුවාල ලබා ඇත.

මියගිය අය අතර ළමුන් 22 දෙනෙකු ද වන අතර, නායයෑම් හේතුවෙන් ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුගේ නිවාස වැළලී ගොස් ඇති බව ආපදා කළමනාකරණ බලධාරීහු පවසති.

අහිතකර කාලගුණය පාකිස්තානයේ උතුරු සහ බටහිර ප්‍රදේශවලට බලපෑ අතර, මාර්ග අවහිර වී නිවාස සිය ගණනකට හානි සිදු විය.

අධික වර්ෂාවෙන් අවම වශයෙන් නිවාස 150ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර තවත් 500කට අර්ධ හානි සිදුවී ඇති අතර, වැඩි වශයෙන් හානි සිදුව ඇත්තේ, කයිබර් පක්තුන්ක්වා සහ නිරිතදිග බලුකිස්තාන් පළාතේ බව බලධාරීහු පවසති.

දින කිහිපයක සිට ඇතැම් දිස්ත්‍රික්කවල විදුලිය සම්පූර්ණයෙන්ම විසන්ධි වී ඇත.

Khyber Pakhtunkhwa හි පළාත් රජය විපතට පත් ප්‍රදේශවලට සහන සැපයුම් ලබා දී ඇති අතර තුවාල ලැබූවන් සහ මියගිය අයගේ පවුල් සඳහා මූල්‍ය ආධාර ලබාදෙන බවට ප්‍රකාශ කර ඇත.

https://www.bbc.com/news/world-asia-pacific-68476139

Related articles

Recent articles

spot_img