spot_img
spot_imgspot_img

විදුලියෙන් ආගමට ලොකු සහනයක්, කර්මාන්තකරුවන්ට අඩු සහනයක්

පුවත්

විදෙස්

ඒකක 30ට අඩු විදුලි පාරිභෝගිකයින් සඳහා දැනට ඒකකයක් සඳහා අයකරන රුපියල් 12.00ක ප්‍රමාණය රුපියල් 8.00ක් දක්වා අඩුකරන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

එය 33.3%ක අඩුවීමක් බව මහජන උපයෝගීතා කොමිසම පෙන්වාදෙයි.

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු පැවසුවේ අද මධ්‍යම රාත්‍රියේ සිට මෙම විදුලි බිල සංශෝධනය ක්‍රියාත්මක බවයි.

ඒකක 31-60ත් අතර විදුලි පාරිභෝගිකයින් සඳහා විදුලි ගාස්තුව 28%කින් පහළ දැමීමට කටයුතු කර ඇත.

එසේම ඒකක 61-90ත අතර විදුලි පාරිභෝගිකයින් සඳහා විදුලි ගාස්තුව 30% පහළ දැමීමට කටයුතු කර තිබේ.

මේ අතර ඒකක 9-180ත් අතර පාරිභෝගිකයින් සඳහා විදුලි ගාස්තුව 24% පහළ දැමීමට කටයුතු කර තිබේ.

ඒකක 180ට වැඩි ගෘහස්ත පාරිභෝගිකයින් සඳහා 18% විදුලි බිල පහත දමා ඇත.

ආගමික ස්ථානවලට 33% අඩුකිරීමක් සිදුකර ඇති අතර හෝටල් සහ කර්මාන්ත අංශවල සියයට 18% විදුලි බිල අඩුකර ඇත.

පොදු කාර්ය කාණ්ඩයට අයත් විදුලි බිල 23% කින් අඩුකර ඇති අතර රාජ්‍ය අංශය සඳහා 22% විදුලි බිල අඩුකර තිබේ.

එසේම වීදි ලාම්පු සඳහා විදුලි බිල සියයට 20% අඩුකිරීමට පියවර ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!