-1 C
New York

පාසල් උන්මාදය, ලෝක‍යට විහිළුවක් වෙයි

Published:

ඕස්ට්‍රේලියාවේ සිට මෙරටට පියාසර කිරීමට සූදානම් කර තිබූ ගුවන් යානයක නියමු කුටියේ වීදුරු හැර ‍‍කොළඹ රාජකීය විද්‍යාලයේ සහ ශාන්ත තෝමස් විද්‍යාලයේ කොඩි ප්‍රදර්ශනය කිරීමෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගම මේ වනවිට සමාජ මාධ්‍යවල දැඩි විවේචනයට ලක්වෙමින් තිබේ.

පාසල් උන්මාදය නිසා කරන ලද මේ ක්‍රියාව කිසිසේත්ම නොවිය යුතු දෙයක් බවත් බොහෝ දෙනකුගේ මතය වී ඇත.

මෙල්බර්න් සිට මෙරටට පැමිණි ඒ330-300 දරණ ගුවන් යානයක මෙලෙස ධජ ප්‍රදර්ශනය කර ඇත.

රාජකීය විද්‍යාලය හා ශාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැත්වෙන 145 වැනි ‘නිල් මහා සටන’ හේතුවෙන් ඔවුන් මෙලෙස සිය පාසල්වල ධජ ප්‍රදර්ශනය කළ බව වාර්තා වේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසන්නේ, දෙපාර්ශවයේම ආධාරකරුවන් විශාල පිරිසක් මෙල්බර්න් සිට මෙම ගුවන් යානයෙන් දිවයිනට පැමිණි බවයි.

මෙම ගුවන් යානය මෙල්බර්න් සිට මෙරටට පියාසර කිරීමට පෙර එම ධජ ඉවත් කළ බව ගුවන් සමාගම පවසයි.

Related articles

Recent articles

spot_img