-0.8 C
New York

ගාසා තීරයට පළමුවරට ගුවනින් ආහාර

Published:

ඇමරිකාව විසින් පළමු වරට ගුවනින් ගාසා තීරයට මානුෂීය පතිත කිරීම ආරම්භ කර තිබේ. හමුදා ගුවන් යානා තුනකින් ආහාර සහිත පෙට්ටි 30,000ක් පමණ පැරෂුටි යොදාගෙන ගාසා තීරයට හෙළූ බව ඇමරිකාව පවසයි.

ජෝර්දානයේ ගුවන් හමුදාව සමග ඒක්ව මෙම මෙහෙයුම සිදුකර තිබේ.

පසුගිය බ්‍රහස්පතින්දා(29), පළස්තීන වැසියන්ට ආහාර ලබාදෙමින් සිටි රථ පෙළක් අසලට ඒල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරයකින් පළස්තීනුවන් 112ක් පමණ මියයෑමෙන් අනතුරුව ඇමරිකාව මෙම තීරණය ගෙන ඇත. ඒම ප්‍රහරයෙන් 750කට ධික පිරිසක් තුවාල ලැබූහ.

එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන අනතුරු අඟවා ඇත්තේ උතුරු ගාසා තීරයේ සාගතයක් ආසන්න බවයි. මෑත සතිවල ඉතා අඩු ආධාර ලැබී ඇති බවත්, ඇස්තමේන්තුගත 300,000 ක ජනතාවක් සුළු ආහාර හෝ පිරිසිදු ජලය නොමැතිව ජීවත් වන බවත්ය.

ඇමරිකානු උප ජනාධිපති කමලා හැරිස් සඳුදා වොෂින්ටනයේදී ඊශ්‍රායල යුද කැබිනට් සාමාජික බෙනී ගැන්ට්ස් හමුවී සටන් විරාමයක් සහ අනෙකුත් ගැටළු සාකච්ඡා කරනු ඇති බව ධවල මන්දිර නිලධාරියෙකු උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

https://www.bbc.com/news/world-middle-east-68457937

Related articles

Recent articles

spot_img