ශ්‍රී ලංකාවේ මෙතෙක් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයන් අතර කිසිදු කොරෝනා පොකුරකට අදාල නොවන ආසාදිතයන් 313ක් සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය විසින් නිකුත් කරනු ලබන දෛනික වාර්තාව අනුව තහවුරු වෙයි.
එම අංශය විසින් අද (15) උදෑසන 10.00ට යාවත්කාලීන කරන ලද නව කොරෝනා වයිරස් ආසාදනය පිළිබඳ දෛනික වාර්තාවේ මේ බව දැක්වේ. එම වාර්තාවට අනුව අද (15) උදෑසන 10.00 වනවිට ශ්‍රී ලංකාවේ කොරෝනා බව තහවුරු කළ රොගීන් සංඛ්‍යාව 16,583කි. මෙම සටහන තබන විට එම සංඛ්‍යාව 17,027 දක්වා ඉහළ ගොස් ඇත.
වසංගත රෝග විද්‍යා ඒකකය උදෑසන 10.00ට යාවත්කාලීන කළ ලේඛනයේ දැක්වෙන්නේ වෙනත් රටවලින් පැමිණි පුදග්ලයන් 1586 දෙනකු ආසාදි වී ඇති බවයි. ඒ විදේශිකයන් 102ක් හා ශ්‍රී ලාංකිකයන් 1484 දෙනකු වශයෙනි. එම ලේඛනයේ දැක්වෙන්නේ නාවික හමුදා සාමාජිකයන් හා ආශ්‍රිතයන් 950ක් ආසාදනය වී ඇති බවයි. එමෙන්ම කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථාන සාමජිකයන් හා ඔවුන්ගේ ආශ්‍රිතයන් 651ක් ද මිනුවන්ගොඩ පෑළියගොඩ පොකුර 13,083ක් ලෙස ද මෙම ලේඛනයේ දක්වා ඇත. ඊට පහළින් දක්වා ඇත්තේ වෙනත් ආසාදිතයන් 313 දෙනකු ශ්‍රී ලංකාවෙන් හමු වී ඇති බවයි.
කෙසේ වෙතත් මේ වෙනත් යනුවෙන් හඳුන්වන 313ක් වූ ආසාදියන් සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ කවර දිනයක දී ද යන්න සොයා බැලීම සඳහා දෛනික වාර්තා පිරික්සූ විට පෙනී ගියේ පළමු වරට එම සංඛ්‍යාව වාර්තා කර ඇත්තේ 2020 ජුනි මස 02 වැනි දින පෙ.ව. 10.00ට යාවත්කාලීන කරන ලද වාර්තාවේ බවයි. මෙලෙස වෙනත් යනුවෙන් හඳුන්වන රෝගීන් පිළිබඳ වසංගත රෝග විද්‍යා ඒකකයේ දෛනික වාර්තාවේ මුල්වරට දක්නට ලැබෙන්නේ 2020 අප්‍රේල් මස 28 වැනි දින පෙරවරු 10.00 ට යාවත්කාලීන කරන ලද වාර්තාවේය. එම සංඛ්‍යාව 69කි. එතැන් සිට ක්‍රමයෙන් වැඩි වෙමින් ආ කිසිදු පොකුරකට අදාල නොවන වෙනත් යනුවෙන් හඳුන්වන රෝගීන් සංඛ්‍යාව 2020 ජුනි 02 දා සිට මේ දක්වාම 313ක් ලෙස ස්ථාවර අගයක පවතී අනෙක් සියලු රෝගීන් කවර ස්ථානයක ආශ්‍රිතයන් ද යන්න පැහැදිලිව දක්වා ඇතත් මෙම වෙනත් සංඛ්‍යාව පිළිබඳ අනාවරණයක් නැත.
මේ පිළිබඳ සෞඛ්‍ය වසංගත රෝග විද්‍යා ඒකකයෙන් විමසුව ද පැහැදිලි කිරීමක් ලැබුණේ නැත.