-0.8 C
New York

ඉන්දියාවේ ප්‍රථම අභ්‍යවකාශ ගමන සඳහා ගගනගාමීහු නම් කරති

Published:

ලබන වසරේ ඇරඹීමට නියමිත ඉන්දියාවේ ප්‍රථම අභ්‍යවකාශ ගමන සඳහා නම්කළ ගුවන් හමුදා නියමුවන් සිව් දෙනෙකුගේ ලයිස්තුව එළිදක්වා තිබේ.

ගගන්යාන් ලෙස නම්කර ඇති මෙම මෙහෙයුමේ අරමුණ වන්නේ ගගනගාමීන් තිදෙනෙකු කිලෝමීටර් 400 ක කක්ෂයකට යවා දින තුනකට පසු ඔවුන් ආපසු ගෙන ඒමයි.

ඉන්දියාවේ අභ්‍යවකාශ ඒජන්සිය වන ඉස්රෝ ගුවන් ගමන සඳහා සූදානම් වීම සඳහා පරීක්ෂණ ගණනාවක් සිදු කර ඇත.

ඔක්තෝම්බර් මාසයේදී, සිදුකළ විශේෂ  පෙන්නුම් කළේ රොකට්ටුව අක්‍රිය වුවහොත් කාර්ය මණ්ඩලයට ආරක්ෂිතව ගැලවිය හැකි බවයි.

එහි සාර්ථකත්වයෙන් පසුව, ඉස්රෝ පැවසුවේ 2025 දී ගගනගාමීන් අභ්‍යවකාශයට යැවීමට පෙර 2024 දී රොබෝවක් අභ්‍යවකාශයට ගෙන යන පරීක්ෂණ ගුවන් ගමනක් සිදු කරන බවයි.

අඟහරුවාදා දකුණු දිග තිරුවානන්තපුරම් (කලින් ත්‍රිවාන්ද්‍රම්) හි ඉස්රෝ මධ්‍යස්ථානයේ පැවති උත්සවයකදී, ගගනගාමීන් ලෙස නම් කරන ලද හතර දෙනා සම්බන්දව විස්තර කරන ලද්දේ “අභ්‍යවකාශයට යාමට සූදානම් වන සිහින දකින්නන්, වික්‍රමාන්විතයන් සහ ධෛර්ය සම්පන්න මිනිසුන්” ලෙසිනි.

ඉන්දීය ගුවන් හමුදාවෙන් තෝරාගත් ගෲප් කපිතාන් ප්‍රශාන්ත් බාලක්‍රිෂ්ණන් නායර්, ගෲප් කපිතාන් අජිත් ක්‍රිෂ්ණන්, ගෲප් කපිතාන් අංගද් ප්‍රතාප් සහ විංග් කමාන්ඩර් ශුභාන්ෂු ශුක්ලා මෙම ගගන ගාමීන් සිවු දෙනාය. 

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඉස්රෝ ප්‍රධානී එස් සෝමනාත් ඔවුන්ගේ කමිසයේ රන් පියාපත් සහිත ලාංඡන සවි කළ අතර මෝදි මහතා ඒවා “ඉන්දියාවේ අභිමානය” ලෙස විස්තර කළේය.

https://www.bbc.com/news/world-asia-india-68411095

Related articles

Recent articles

spot_img