-1.6 C
New York

ලොරියේ ගැටී අධිවේගී මාර්ග සේවකයින් දෙදෙනා මරුට

Published:

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගම අන්තර් හුවමාරුව ආසන්නයේ සේවය කරමින් සිටි කම්කරුවන් දෙදෙනකු ඒම මාර්ගයේ ගමන්ගත් ලොරි රථයක ගැටීම හේතුවෙන් තුවාල ලබා මියගොස් ඇතැයි පොලිසිය පවසයි. අද (27) දහවල් 11.30ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර බරපතල තත්ත්වයේ සිටි මොවුන් ගාල්ල කරාපිටිය රෝහලට ඇතුලත් කරන විටත් මියගොස් සිට ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ වලහේන හේවගේ පද්මසිරි(63) සහ අමිල ප්‍රසාද්(32) නැමැති අයයි. මොවුහු ඉමදුව ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.

අධිවේගී මාර්ගයේ 85වන කිලෝමීටරය ආසන්නයේදී මෙම අනතුර සිදුව ඇති බවත් දොඩංගොඩ සිට මාතර බලා ධාවනය වූ ලොරි රථයක මොවුන් ගැටී ඇති බවත් සඳහන් වේ. දක්ෂීණ අධිවේගී මාර්ගයේ ඒම කොටසේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් වාහන ධාවනය ඒක් මංතීරුවකට පමණක් සීමා කර තිබී ඇති අතර ඒම ස්ථානයේ සේවය කරමින් සිටි කම්කරුවන් දෙදෙනකු මෙලෙස අනතුරට පත්වී තිබේ.

මියගිය අයගේ දේහයන් සම්බන්ද මරණ පරීක්ෂණ කරාපිටිය රෝහලේදී අද සිදුකිරීමට නියමිතව තිබිණි.

Related articles

Recent articles

spot_img