spot_img
spot_imgspot_img

රට පුරා නඩු මෙහෙයවූ, මහජන සෞඛ්‍ය පරීක්ෂක ඝාතනය කරයි

පුවත්

විදෙස්

කරන්දෙණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අනුයුක්තව සේවය කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු අද (26) උදෑසන ඔහුගේ නිවසේ දී වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරිකවරයා ලෙස කටයුතු කළ රොෂාන් කුමාර නමැති 51 හැවිරිදි තිදරු පියෙකි.

ඇල්පිටිය කුරුඳුගහහැතැප්ම, පතිරාජ මාවතේ පිහිටි ඔහුගේ නිවසට අද (26) උදෑසන යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු රාජකාරී කටයුත්තක් ඇතැයි පවසා නිවසට ඇතුළු වී වෙඩි තැබීම සිදුකර ඇතැයි පොලිසිය පවසයි.

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසන්නේ ඝාතනයට ලක් වූ රොෂාන් කුමාර මහතා, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් විවිධ සමාම්, ආයතන සහ පුද්ගලන්ට එරෙහිව පවරන නඩු මෙහෙයවීමේ දී ඉතාමත් වැදගත් කාර්යභාරයක් ඉටුකරන පුද්ගලයකු බවයි.

මෙම ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නැතැයි ද සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් පරීක්ෂණ ආරම්භ කරන බව ද ‍පොලිසිය කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!