spot_img
spot_imgspot_img

මුහුණ බලා ඇතුළුකරන “සුදු සාදය” අවලංගුයි

පුවත්

විදෙස්

උණවටුනේ සංචාරක නිකේතනයක අද (24) පැවැත්වීමට නියමිතව තිබූ “සුදු ජාතිකයන්ට පමණක්” සීමා වූ ආන්දෝලනාත්මක සාදයක් මහජන විරෝධය හේතුවෙන් එහි සංවිධායකයන් විසින් ම නවතා දමා තිබේ.

මෙම සංචාරක නිකේතනය පවත්වාගෙන යන්නේ රුසියානු ජාතිකයන් විසිනි.

“විවෘත සුදු සාදයක්” ලෙස ප්‍රචාරය කරන ලද මෙම සාදය අන් ජාතිකයන් වෙනස් කොට සැළකීම හේතුවෙන් දැඩි ආන්දෝලනාත්මක එකක් විය. එම සාදයට ආරාධනා කර තිබුණේ සුදු සම, සුදු ඇඳුම ඇඳි ධනය සහ ජාතිකත්වය පදනම් කරගෙන වූ අතර ඇතුළු වීම සීමා කෙරෙන මුහුණේ වර්ණය පවා දක්වා තිබිණි.

ලොව ඇතැම් රටවල රාත්‍රී සමාජශාලාවල භාවිතාකරන “මුහුණු පාලනය” යන්නෙන් අදහස් කරන්නේ පුද්ගලයන්ගේ  පෙනුම සහ සමාජ තත්වය පිළිබඳ තක්සේරුකිරීම් මත පදනම්ව එය නියාමනය කිරීමයි.

කෙසේ වෙතත් මෙම සාදය අවලංගු කරමින් ඉන්ස්ටර්ග්‍රෑම් නිවේදනයක් නිකුත් කරන සංවිධායකයන් පවසා ඇත්තේ එම කටයුතු හේතුවෙන් සිත් රිදවීම් ඇතිවූවානම් කණගාටුව ප්‍රකාශ කරන බවයි. එමෙන්ම අපහසුතාවට පත්වූ සියලු දෙනාගෙන් සමාව අයැද සිටින බව ද දන්වා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!