-0.8 C
New York

සජිත් තම දියණිය ගැන ප්‍රථම වරට ප්‍රසිද්ධියේ කියයි

Published:

තමන් කුඩා දියණියකගේ පියකු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (25) ප්‍රථම වරට ප්‍රසිද්ධ රැස්වීමක දී හෙළිදරව් කළේය.

සමගි ජන බලවේගයේ දේශපාලන රැස්වීමක් අමතමින් කළ කතාවක් අතරතුර ඔහු මේ බව කියද්දී රැස්ව සිටි පිරිස අත්පොළසන් දුන්හ.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ තමන් කිසිවෙකු කතා නොකරන කාන්තා සෞඛ්‍ය ගැන කතා කළ බවයි. ඒ නිසා තමන්ට පෑඩ් මෑන් යැයි නමක් දැමූ බවත් ඔහු සිහිපත් කළේය.

“අපේ රටට තමයි මේවා විහිළු. ස්කොට්ලන්තයේ හැම කාන්තාවකට ම පෑඩ් නොමිලේ දෙනවා. මේවා ලංකාවේ කියන්න ලැජ්ජයි. කතා කරන්නත් හොඳ නෑ. නවසීලන්තයේ අගමැතිනිය ඉල්ලා අස්වන්න පෙර හැම දැරිකටම මේ වැඩසටහන ක්‍රියාත්මක කළා. මමත් දැන් දරුවෙක් ඉන්න පියෙක්. මටත් දියණියක් ඉන්නවා. පියකු වශයෙන් මගේ පරම බලාපොරොත්තුව මගේ දියණිය ලොකු මහත් වෙලා හොඳ අධ්‍යාපනයක් ලබලා රටට දේශයට ගුණවත් ශිෂ්ඨ සම්පන්න උගත් බුද්ධිමත් පුරවැසියෙක් බවට පත්වීම. ඒක මගේ ප්‍රාර්ථනාව. මේ කතාව අහන හැම අම්මා කෙනෙකුගේම හැම තාත්තා කෙනෙකුගේම තමන්ගේ දරුවන් ගැන තියෙන ප්‍රාර්ථනාව ඒකයි.”

Related articles

Recent articles

spot_img