-1 C
New York

රුසියානු සහ යුක්‍රේන සංචාරකයන්ට යන්න කීවේ කවුදැයි පරීක්ෂණ

Published:

මෙරට රැඳී සිටින රුසියානු සහ යුක්‍රේන සංචාරකයින් දින 14ක් ඇතුළත රටින් පිට විය යුතු බවට කිසිදු නිල නිවේදනයක් කර නොමැති බව පවසන ජනාධිපති රනිල් වික්‍රමසිංහ කැබිනට් අනුමැතියකින් තොර ව එවැනි දැනුම්දීමක් කරන ලද පුද්ගලයන් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් කරන්න යැයි ද නියෝග කර තිබේ.

රුසියානු සහ යුක්‍රේන සංචාරකයන් සඳහා මීට පෙර ලබා දී ඇති වීසා දීර්ඝ කිරීම් අවලංගු කිරීමට ශ්‍රී ලංකා රජය නිල වශයෙන් තීරණය කර නොමැති බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ ද එවැනි කිසිදු තීරණයක් රජය විසින් ගෙන නොමැති බවයි. නමුත් මේ වනවිට එවැනි ප්‍රචාරයක් සිදුවීම නිසා මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදුකරන බවයි.

Related articles

Recent articles

spot_img