spot_img
spot_imgspot_img

සනත් නිශාන්තගේ මරණයට හේතුව, තවම දන්නේ නෑ

පුවත්

විදෙස්

හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ මරණයට හේතුව තවමත් ප්‍රකාශයට පත්කිරීමට නොහැකියැයි වැලිසර මහේස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන කීවේය.

මහේස්ත්‍රාත්වරයා මේ බව කියා සිටියේ එම මරණයෙන් අතෘප්තියට පත් වූ බව පවසමින් සනත් නිශාන්තගේ බිරිඳගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ධනරාජ් සමරකෝන් විසින් මරණයට හේතුව ප්‍රකාශයට පත්කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටි අවස්ථාවේ දී ය.

කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ කෙරවළපිටිය ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේ දී එම ඉල්ලීම ‍සිදුකෙරිණි. සනත් නිශාන්තගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත් වූ අධිකරණ වෛද්‍යවරයා විසින් ඔහුගේ වාර්තාව අධිකරණනයට මෙතෙක් භාර නොදීම හේතුවෙන් මරණයට හේතුව මේ දක්වා ප්‍රකාශ කළ නොහැකි බව ද ඔහු කීවේය.

රිය අනතුරක් සිදු වූ විට එම ස්ථානය පරීක්‍ෂා කිරීමට අවශ්‍යතාවක් නැතත් අනතුර සිදු වූ පසුගිය ජනවාරී 24 වැනි දා තමා එම ස්ථානය නීරීක්‍ෂණය කළ කියා සිටි මහෙස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන, ඉන් ගැටලු අවම කර ගැනීමට හැකිවූ බව ද කීවේය.

මෙම සිද්ධියේ දී මිය ගිය අයගේ පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට දැනුම් දෙන්න යැයි ද කඳාන පොලිසියට දැනුම් දෙන ලෙස ද මහේස්ත්‍රාත්වරයා කීවේය. මෙම අනතුර සම්බන්ධ නඩුව ලබන ජූලි මස 01 වැනි දා යළි කැඳවීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!