1.7 C
New York

මළ සිරුරක් පාරට ගෙනවිත්, ගැමියෝ මහපාරේ නිදාගනිති

Published:

මළ සිරුරක් පාරමැද තබා මාර්ගය හරස්කර ගම්වැසියන් මාර්ගයේ නිදා ගැනීම ‍හේතුවෙන් අද (23) තණමල්විල වැල්ලවාය මාර්ගයේ රථවාහන ධාවනය වෙහෙරයාය අරියසිරි හන්දිය අසළින් මුළුමනින් ම නතර වී තිබිණි.

මෙලෙස මහමඟට ගෙනවිත් තිබුණේ ඇතිලිවැව, දෙමටත්ආරගම පදිංචි ටී.එම්.නිශාන්ත පියසිරි නමැති අයකුගේ මළ සිරුරකි.

මියගිය පුදගලයාගේ වාඩියට පැමිණි පුද්ගලයින් පිරිසක් පෙරවකින් පහරදි මරාදමා වාඩියද ගිණිබත්කර විනාශ කර ගොස් ඇතිබවත් ඒ සම්බන්යෙන් අත්අඩගුවට ගත් සැකකරුවන් දේහය වලදැමිමටත් පෙර නිදහස් කර එවා ඇති බවත් පවසමින් මෙසෙ විරෝධතාවයේ නිරතවුහ.

පොලිස් නිලධාරින පිරිසක් පැමිණ උද්ඝෝෂකයින් හා සාකච්ඡා කිරිමට උත්සහ කළ අතර එහිදි ගම්වාසීන් සහ පොලිස් නිලධාරින් අතර උණුසුම් වචන හුවමාරු වීමක්ද සිදුවිය.

පොලිසිය පවසන්නේ මේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් හතරදෙනකු අධිකරණයට ඉදිරිපත්  කිරීමෙන් පසු රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටින බවයි.

Related articles

Recent articles

spot_img