-2.5 C
New York

වරායේ වර්ජකයන්ට, රැකියා අහිමිවෙයි ?

Published:

රජයේ තීරණයට අනුව වෛද්‍ය නිවාඩු සදහා ගෙවූ දීමනාවෙන් බදු අයකිරීමට එරෙහිව උද්ඝෝෂණයේ යෙදෙන වරාය සේවකයන්ගේ වැඩ තහනම් කර ඒ බව අධිකරණයට දැනුම්දීමට වරාය පාලන අධිකාරිය තීරණය කර තිබේ.

වරාය අධිකාරියේ ප්‍රකාශකයකු කියා සිටියේ වෛද්‍ය නිවාඩු සඳහා ගෙවන දීමනාවෙන් බදු අයකිරීමේ තීරණ වරාය අධිකාරියේ තීරණනයක් නොව රජයේ පොදු තීරණයක් බවයි.  

බොහෝ රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල සේවකයන්ගේ දීමනා කපාදමා ඇති පසුබිමක වරාය අධිකාරිය එහි සේවකයන්ට වෛද්‍ය නිවාඩු සඳහා දීමනාව ගෙවූ ඔහු කීවේ ය.

එම දීමනාවෙන් අයකර ඇති බදු මුදල් වරාය අධිකාරියට නොලැබෙන බවත් ඒ සියල්ල මහා භාණ්ඩාගාරයට යොමු කරන බව ද හෙතෙම පෙන්වා දුන්නේ ය.

බදු සම්බන්ධයෙන් වැඩවර්ජන කළ නොහැකි යැයි අධිකරණ නියෝගයක් තිබියදී වර්ජනය කිරීම අධිකරණ නියෝගය නොසළකා හැරීමත් බව කී එම නිලධාරියා මෙම සේවකයන්ගේ වැඩ තහනම් කර අධිකරණයට  දැන්වීමට සිදුවන බව ද පැවසීය.

Related articles

Recent articles

spot_img