spot_img
spot_imgspot_img

අදත් කොරෝනා මරණ 05ක් තුනක් ම රෝහලෙන් පිටත දී

පුවත්

විදෙස්

කොරෝනා හේතුවෙන් සිදුවූ මරණ පහක් පිළිබඳ තොරතුරු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති අධයක්ෂ ජනරාල් නාලක කළුවැව විසින් අද (15) සවස මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත. ඒ අනුව ශ්‍රී ලංකාවේ මෙතෙක් සිදුවූ කොරෝනා මරණ සංඛ්‍යාව 58කි.

මියගොස් ඇති අයගේ විස්තර මෙසේ දක්වා ඇත.

කොළඹ 13 ජින්තුපිටිය පදිංචි 54 හැවිරිදි පිරිමි පුද්ගලයකු කොළඹ ජාතික රෝහලේ දි මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ දීර්ඝ කාලයක් තිස්සේ තිබූ පිළිකා රෝගයක් කොරෝනා හේතුවෙන් උත්සන්නවීමකි.

කොළඹ 15 පදිංචි 39 හැවිරිදි පිරිමි පුද්ගලයකු කොරෝනා ආසාදිතයකු බව හඳුනාගැනීමෙන් පසු හෝමාගම රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් ඇත. ඔහු ද පිළිකා රෝගය සහ කොරෝනා නිව්මෝනියා තත්ත්වය හේතුවෙන් මියගොස් ඇතැයි වාර්තා වේ

කොළඹ 12 පදිංචි 88 හැවිරිදි පිරිමි පුද්ගලයකු පපුවේ වේදනාවක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත්කරන විට මියගොස් සිටි බවත් මරණයට හේතුව කොරෝනා නිසා හටගත් හෘදයාබාධයක් බවත් අනාවරණය වී තිබේ

කොළඹ 08 බොරැල්ල පදිංචි 79 හැවිරිදි පිරිමි පුද්ගලයකු නිවසේ දී මියගොස් ඇත. මරණයට හේතුව කොරෝනා නිසා නිදන්ගත පෙනහළු රෝගයක් උත්සන්න වීමකි

කොළඹ 13 පදිංචි 88 හැවිරිදි පිරිමි පුද්ගලයකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ දී මියගොස් ඇති අතර මරණයට හේතුව හෘදයාබාධයක් ලෙස දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!