-2.5 C
New York

පොලීසියෙන් මිලියන දෙසීයක වන්දි ඉල්ලයි

Published:

නාරම්මල පොලිසියේ නිලධාරීයෙකු විසින් තම සැමියා වෙඩි තබා මරා දැමීම හේතුවෙන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම වෙනුවෙන් වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු වග උත්තරකරුවන්ගෙන් රුපියල් මිලියන 200 ක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා මරණ කරුගේ බිරිඳ විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

මියගිය රොෂාන් කුමාරසිරි නමැත්තා වෙනුවෙන් ඔහුගේ බිරිඳ වන කමනි රූපිකා ප්‍රියංගනී විසින් මෙම පෙත්සම ඉදිරිපත්කර තිබේ.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නාරම්මල පොලිසියේ උප පොලිස් පරීක්ෂක කේ. ගුණවර්ධන, පොලිස් කොස්තාපල් කේ.එම්. චමුදිත බණ්ඩාර කුළසේකර, නාරම්මල පොලීසියේ ස්ථානාධිපතිවරයා සහ වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ නීතිපතිවරයා නම් කර තිබේ.

කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව පොලිසිය විසින් එල්ලකළ වෙඩි පහරින් තම සැමියා මරණයට පත්වීම තුළින් සිය මූලික මිනිස් අයිතීන් උල්ලංඝණය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස පෙත්සම්කාරිය අධිකරණයෙන් ඉල්ලා තිබේ.

ඒ වෙනුවෙන් වග උත්තරකරුවන්ගෙන් රුපියල් මිලියන 200 ක වන්දියක් අයකර දෙන නියෝගයක් නිකුත් කරන ලෙසත්, වාහන පරීක්ෂා කිරීමේදී පොලිස් නිලධාරීන් විසින් අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ මාලාවක් සකස් කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාරිය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.

නීතිඥ සුනිල් වට­ගල මහතා මඟින් මේ පෙත්සම ගොනු කොට ඇත.

මෙම වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳ නඩුව ඊයේ (පෙබරවාරි 16 වැනිදා) නාරම්මල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවූ අතර සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා අධිකරණයට ඉදිරිපත් කෙරුණි. මෙහිදී අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු විමසා සිටියේ යතුරුපැදියේ ගමන් ගත් අනිත් පොලිස් නිලධාරියා අත් අඩංගුවට ගැනීමක් නොකරන්නේ ඇයිද යන්න පිළිබඳවය.

Related articles

Recent articles

spot_img