-1 C
New York

හිටපු ඇමති ගාමිණී ජයවික්‍රම පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

Published:

කලක් තිස්සේ දැඩි ලෙස රෝගාතුරව සිටි හිටපු අමාත්‍යවරයෙකු වන ගාමිණී ජයවික්‍රම පෙරේරා අද (17) උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඔහු 83 වන වියේ පසුවිය.

එක්සත් ජාතික පක්ෂයෙන් බිහිවූ ප්‍රධාන පෙලේ දේශපාලනඥයෙක් වූ ගාමිණී ජයවික්‍රම පෙරේරා පසුගිය රජයන් කිහිපයකම කැබිනට් අමාත්‍ය ධූර දැරීය. වාරිමාර්ග හා ජල කළමනාකරණ, ආහාර සුරක්ෂිතතා, තිරසාර සංවර්ධන හා වනජීවී සහ බුද්ධ ශාසන අමාත්‍යාංශවල හෙතෙම අමාත්‍ය ධූර දරා ඇත. කුරුණගල දිස්ත්‍රික්කය නියෝජනය කළ ඔහු 2013 වසර දක්වා එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කරන ලදි.

අභාවප්‍රාප්ත ගාමිණී ජයවික්‍රම පෙරේරාගේ දේහය කුරුණෑගල, කටුගම්පල පිහිටි ඔහුගේ නිවසේ තැම්පත් කිරීමට නියමිතය. පවුලේ ඥාතීන් සදහන් කළේ අවසන් කටයුතු පිලිබදව ඉදිරියේදී දැනුම් දෙන බවයි.

Related articles

Recent articles

spot_img