-0.8 C
New York

රුසියානු විපක්ෂ නායකයා සිරගෙදරදී මරුට

Published:

දීර්ඝ සිර දඬුවමක් විඳිමින් සිටි රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නි සිහි නැතිවී ඇද වැටීමෙන් පසු මියගිය බව රුසියානු බන්ධනාගාර සේවය පවසයි.

රුසියානව් ජනාධිපති ව්ලද්මීර් පුටින්ට දූෂණ චෝදනා ඉදිරිපත් කිරීම හේතුවෙන් ප්‍රසිද්ධියට පත්වූ නවාල්නි දේශපාලන චෝදනා මත 2021 වසරේදී සිරගත කරන ලදී. වරප්‍රසාද කඩකිරීම්, වංචාව සහ අධිකරණයට අපහාස කිරීම ඔහුට එරෙහිව නගා තිබූ චෝදනා වන අතර වසර නවයක සිරදඬුවමක් නියම වී තිබුණි. පසුව අගෝස්තු මාසයේදී, නවාල්නි අන්තවාදී සංවිධානයක් ආරම්භ කිරීම සහ අරමුදල් සැපයීම සම්බන්ධයෙන් වරදකරු වූ අතර, ඔහුට අමතර වසර 19ක සිර දඬුවමක් නියම විය. ඔහු එය ප්‍රතික්ෂේප කර තිබිණි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය පවසන්නේ නවාල්නිගේ මරණය සම්බන්දව විමර්ෂණයක් සිදුකළ යුතු බවයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානී වොල්කර් ටර්ක් පසුගිය ගිම්හානයේදී ඔහු නිදහස් කරන ලෙස ප්‍රසිද්ධියේ ඉල්ලා සිටියේ, ඔහුගේ දීර්ඝ සිරදඬුවම රුසියාව දේශපාලන අරමුණු සඳහා අධිකරණ පද්ධතිය භාවිතා කරන බවට පවසමිනි.

නවාල්නිගේ බිරිඳ යුලියා නවල්නායා පවසා ඇත්තේ “භයානක පුවත” සත්‍ය දැයි තමන් නොදන්නා බවයි. මේ අතර ඉතාලි විදේශ අමාත්‍ය ඇන්ටෝනියෝ ටජානි ප්‍රකාශ කළේ නවාල්නි “වසර ගණනාවක් සිරගෙදර හිංසා පීඩා විඳීමෙන් පසුව” මිය ගිය බවයි,

මියයන විට 47 වන වියේ පසුවූ නවාල්නි රුසියාවේ ජනප්‍රියම විපක්ෂ නායකයා විය.

https://www.bbc.com/news/live/world-68316979

Related articles

Recent articles

spot_img