-2.5 C
New York

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොටස් වෙළෙඳ පොළ අද (16) දිනයේ ගනුදෙනු 7,363ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,371ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 17ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 10,586ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • එන්ඩීබී බැංකුව රුපියල් මිලියන 640
  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 95
  • ‍යුනියන් ඇෂූවරන්ස් සමාගම රුපියල් මිලියන 71

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • එන්ඩීබී බැංකුව කොටස් මිලියන 10
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 3.2
  • ඩයලොග් ආසියාටා සමාගම කොටස් මිලියන 3.2

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • කැල් ඔප්ටිමම් ෆන්ඩ් 33%
  • සීටී ලෑන්ඩ් සමාගම  12%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම කොටස් 125,000ක් රුපියල් 189.00 බැගින්
  • එන්ඩීබී බැංකුව කොටස් මිලියන 10ක් රුපියල් 64.00 බැගින්

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 263
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 262
  • ලංකා දුම්කොළ සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 188

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 44ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 179ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 135ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙතින් ඉවත්කරගෙන තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 29
  • ඩිල්මා සිලෝන් සමාගම රුපියල් මිලියන 02

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 79
  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 55
  • යුනියන් ඇෂුවරන්ස් රුපියල් මිලියන 15

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

spot_img