-1.6 C
New York

“මම දරුවන් වෙනුවෙන් හිඟා කෑවා”- ජනපති කියයි

Published:

රටේ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම සඳහා අකමැත්තෙන් වුවත් ජාත්‍යන්තරයට ගොස් හිඟා කෑමට සිදු වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ කීවේය.

පසුගිය මාස ගණනක් ඉතාමත් අසීරුවෙන් ගෙවා දැමූ කාලයට නැවත යාමට කිසිම කෙනෙකු කැමැති නැති බවත් හෙතෙම කියා සිටියේය. ජනාධිපතිවරයා‍ මේ බව කියා සිටියේ කොල්ලුපිටිය ශාන්ත අන්තෝනිි විද්‍යාලයේ පැවැති පෙළපොත් බෙදාදීමේ ජාතික උත්සවයට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා,

“2022,2023 වර්ෂ ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑ. අපි දන්නවා මෙතෙන ඉන්ධන පිරවුම්හල ළඟ තිබුණ දේවල්. විදුලිබලය තිබුණේ නෑ. කොහෙන්ද තෙල් හොයාගන්නේ කියලා දෙමව්පියෝ බලනවා. ආහාර නෑ. හරි අමාරුවෙන් අපි ගියේ. මම හිතන්නේ නෑ කවුරුත් ඒ යුගයට යන්න කැමතියි කියලා. ඒ යුගයට යන්න කැමති අය අතඋස්සන්න කිව්වොත් කවුරුත් අත උස්සන්නේ නෑ. ඒක වුණේ අපේ කාලේ. ඔයාලා ශිෂ්‍යයින් වෙලා ඉන්න කාලේ. මම බලන්නේ ආපහු ඔබේ අනාගතයේ දී මෙය නොවෙන ආකාරයෙන් ශක්තිමත් ආර්ථිකයක් හදලා දෙන්න. ආපහු වැඩිහිටි වුණාම තෙල් හොයාගෙන යන්න වැඩක් නෑ. රැකියා නැතිවෙන්න වැඩක් නෑ. ඒ ඔක්කෝම නැතුව ශක්තිමත් ආර්ථිකයක් හොයලා දෙන්න මේක ඉදිරියට යන්න. අපිට මේ කාලේ රටවලින් සල්ලි ඉල්ලන්න වුණා. මම අකමැත්තෙන් හෝ ගිහින් හිඟාකෑවා. ඔබට අනාගතයක් ලබලා දෙන්න. මම හිතන්නේ නෑ ඔබ වැඩිහිටියන් වූ සමාජයක ආණ්ඩුව ගිහින් හිඟාකනවාට.”

Related articles

Recent articles

spot_img