-1 C
New York

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොටස් වෙළෙඳ පොළ අද (12) දිනයේ ගනුදෙනු 7,825  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 572ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 6ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 10,584ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 93
  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 40
  • ඩිස්ටලරීස් සමාගම රුපියල් මිලියන 26

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • ඩයලොග් ආසියාටා සමාගම කොටස් මිලියන 2.1
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 1.8
  • සොෆ්ට්ලොජික් කැපිටල් සමාගම කොටස් මිලියන 1.7

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • බ්ලූඩයමන්ඩ් සමාගම (X) 50%
  • එල්ඕඑල්සී ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම 09%

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 261
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 259
  • ලංකා දුම්කොළ සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 19

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 26ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 100ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 74ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙතින් ඉවත්කරගෙන තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • ජෙට්වින් සිම්පනි සමාගම රුපියල් මිලියන 4.7
  • ලංකා මිල්ක් ෆුඩ් සමාගම රුපියල් මිලියන 3.6
  • ඒසීඑල් කේබල් සමාගම රුපියල් මිලියන 2.8

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 42
  • ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 19
  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 12

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

spot_img