-3.4 C
New York

රජයේ මර්ධනය ගැන, ගාල්ලේ දී ජනතා සංවාදයක්

Published:

රජය විසින් ඉදිරිපත් කර ඇති මර්දනකාරී අණපනත් සහ රජයේ වගවීමේ ක්‍රියාවලියේ පවතින දුර්වලතා පිළිබඳව සිදු කෙරෙන මහජන සංවාදයක් ලබන 14 වැනි බදාදා පෙරවරු 9.00ට ගාල්ල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.                      

ජනතා පාර්ලිමේන්තුව මර්දනයට එරෙහි ජන පෙලගැස්ම යනුවෙන් නම් කර ඇති මෙම සංවාදය සංවිධානය කරනු ලබන්නේ නීතිය හා සමාජ භාරය සහ සිවිල් සංවිධාන එක්වය.     

එහිදී මර්දනකාරී අණපනත් සහ වගවීමේ ක්‍රියාවලිය පිළිබඳව සම්පත්දායකයන් කිහිපදෙනෙක් විසින් අදහස් දැක්වීම් සිදු කරන අතර ඉන් පසු ජනතාව සමග ඒ සම්බන්ධව පුළුල් සංවාදයක් පැවැත්වෙනු ඇත. මෙහි දී ජනතාවගෙන් ඉදිරිපත් වන කරුණු ලියවිල්ලක් ලෙස් සකස් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සංවිධායකයන් සුදානමින් සිටිති.

Related articles

Recent articles

spot_img