-5.9 C
New York

අයහපත් කාලගුණය අභ්‍යාවකාශ ගමනට හරස් වෙයි

Published:

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ගගනගාමීන් සිව්දෙනකු යැවීමට සැලසුම් කළ මෙහෙයුම අයහපත් කාලගුණය හේතුවෙන් කල් දැමීමට සිදුවූ බව නාසා ආයතනය පවසයි.ගගනගාමීන් රැගත් Crew – Dragon යානය අද (14) ගුවන්ගත කිරීමට නියමිතව තිබිණි.ඊටා සුළි කුණාටුව හේතුවෙන් ෆ්ලොරීඩාවට ඉහලන් තද සුළං හමායන බවට කාලගුණ අංශ අනාවැකි පලකිරීම හේතුවෙන් අභ්‍යවකාශ මෙහෙයුම දිනකින් කල් දැමීමට තීරණය කළ බව නාසා බලධාරීහු පවසති.ඒ අනුව ගුවන් ගතවන නව වේලාව ඉරිදා (15) රාත්‍රී 7.27 ලෙස සඳහන් වේ.කේප් කැනවරල්හි කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් යානය ගුවන් ගතවන බව ද ඔවුහු කියති.නාසා ආයතනය හා ස්පේස් එක්ස් එක්ව මෙම චාරිකාව සංවිධානය කර තිබේ.මෙහෙයුමට ඇමරිකානු ගගනගාමීන් තිදෙනකු හා ජපන් ජාතික ගගනගාමියෙක් එක්වී සිටිති.ස්පේස් එක්ස්හි ප්‍රධානී එලෝන් මස්ක් සාමාන්‍යයෙන් මෙවැනි ගුවන්ගතකිරීම් අවස්ථා වලට සහභාගී වන නමුත් කොරෝනා ආසාදිත වීම හේතුවෙන් මෙම අවස්ථාවට සහභාගී නොවන බව දන්වා තිබේ.කෙසේවුවද ගුවන් ගමනට සති කිහිපයක සිට ගගනගාමීන් නිරෝධායනය කර සිටි බව නාසා බලධාරීහු පවසති.

Related articles

Recent articles

spot_img