-0.7 C
New York

ඩිජිටල් ආරක්ෂණ පනත වෙනස් කරන්න යයි

Published:

ඩිජිටල් ආරක්ෂණ පනත සම්බන්ධයෙන් මේ වනවිට විවිධ සමාජ කණ්ඩායම්වලින් මෙන් ම ජාත්‍යන්තරයෙන් ද එල්ල වී ඇති බලපෑම් සැළකිල්ලට ගනිමින් හෙට (12) පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමට එම පනතේ සං‍ශෝධන 47ක් ඉදිරිිපත් කරන බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

මෙම සංශෝධන ඉදිරිපත් කරන්නේ එම පනත ක්‍රියාත්මක කිරීමේ බලය හිමිව ඇති මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ කැබිනට් ඇමතිවරයා වන ටිරාන් අලස් විසිනි.

මෙම සංශෝධන සඳහා කැබිනට් මණ්ඩලයේදී අනුමැතිය හිමිවනු ඇතැයි ද රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි. එම සංශෝධන ගැසට් කිරීමෙන් පසු පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ලබන 20 වැනි දා ඉදිරිපත් කිරීමට නියමිතය.

Related articles

Recent articles

spot_img