-0.6 C
New York

දුරකථන සහ අන්තර්ජාල අවහිර කළ පකිස්ථාන මැතිවරණය

Published:

පකිස්තානයේ මැතිවරණය පැවැත්වුනු අද(08) දිනයේ රටපුරා දුරකතන ජාල පහසුකම් සහ අන්තර් ජාල පහසුකම් අත්හිටවා තිබුනු බව වාර්තා වේ.

මැතිවරණය පැවැත්වෙන්නේ හිටපු අගමැති, ක්‍රිකට් ක්‍රීඩක-දේශපාලකයෙකු වූ ඉම්රාන් ඛාන් විශ්වාසභංගයකින් නෙරපා හැරීමෙන් වසර දෙකකට පමණ පසුවය. බන්ධනාගාර ගතකර සිටින ඉම්රාන්ට මැතිවරණයට තරඟ කිරිම තහනම් කර තිබිනි. ඔහුගේ පක්ෂයේ ප්‍රකාශකයෙකු පැවසූයේ මැතිවරණ දිනයේ අන්තර්ජාලය කපා හැරීම බියගුළු ක්‍රියාවක් බවයි.

ලාහෝර් නගරයේ බොහෝ ඡන්දදායකයින් පවසා ඇත්තේ අන්තර්ජාලය අවහිර වීම නිසා කුලී රථ වෙන්කරවාගෙන ගොස් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ බවයි. තවත් සමහරු කියා සිටියේ ඡන්ද මධ්‍යස්ථාන වෙත යන විට පවුලේ සාමාජිකයන් සම්බන්ධීකරණය කරගැනීමට නොහැකි වීමෙන් අපහසුතාවයට පත්වූ බවයි.

මෙම පියවර සාධාරණීකරණය කරමින් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු පැවසුවේ, “මෑතකදී රටේ ඇති වූ ත්‍රස්තවාදී සිදුවීම් හේතුවෙන් වටිනා ජීවිත අහිමි වී ඇත. නීතිය හා සාමය පවත්වා ගැනීමට සහ විය හැකි තර්ජන සමඟ කටයුතු කිරීමට ආරක්ෂක පියවරයන් අත්‍යවශ්‍ය වේ.”

තුන් වතාවක් අගමැති ධූරය දැරු නවාස් ෂරීෆ් මෙවර වාර්තාගත අඩු ජන්ද ප්‍රමානයක් ලබාගනු ඇතැයි විචාරකයෝ පවසති. කෙසේ වෙතත්, පාර්ලිමේන්තුවේ ආසන 169ක් අවශ්‍ය වන බහුතර බලය කිසියම් පක්ෂයකට දිනාගත හැකිද යන්න තවමත් පැහැදිලි නැත.

https://www.bbc.com/news/world-asia-68226228

Related articles

Recent articles

spot_img