මධ්‍යධරණී මුහුද හරහා යුරෝපයට ගමන්කිරීමට උත්සාහ කළ සංකමණිකයන් පිරිසක් රැගත් බෝට්ටුවක් ලිබියාවට නුදුරින් මුහුදේ ගිලී යෑමෙන් 20දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ.
ලිබියාවේ බටහිර, සුර්මාන් සිට පිටත්වූ දැවයෙන් නිපදවන ලද බෝට්ටුවක් මෙලෙස අනතුරට පත්වී තිබේ.
මෙය මෙම සතිය තුළ ලිබියානු වෙරළ තීරයේ අනතුරට ලක්වූ හතරවන සංක්‍රමණික බෝට්ටුවයි.
සංක්‍රමණිකයන් සඳහා වන ජාත්‍යන්තර සංවිධානයේ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ මෙම සතිය තුළ මෙලෙස 100කට අධික පිරිසක් මිය ගොස් ඇති බවයි.
දිවි ගලවාගත් අයගෙන් සමහරක් ඝානාව, නයිජීරියාව, ගැමිබියාව සහ බර්කිනා ෆාසෝ යන රටවලට අයත්ය.
දිවි ගලවාගත් අය කුම්ස් නගරයේ රඳවා සිටින අතර ඔවුන් නිදහස් කරන ලෙසත් ජාවාරම්කරුවන් අතට පත්වීම වැළැක්වීම සඳහා ආරක්ෂාව සපයන ලෙසත් ඕපන් ආර්ම්ස් කණ්ඩායම බලධාරීන්ගෙන් ඉල්ලා ඇත.
මධ්‍යධරණී මුහුදේ ගලවාගැනීමේ කණ්ඩායම් නොමැතිවීම හේතුවෙන් මරණ සංඛ්‍යාව ඉහල යන බවද ඔවුහු පවසති.
සංක්‍රමණිකයන් දහස් ගනනක් සෑම වසරකම අප්‍රිකානු රටවල සිය යුරෝපය කරා සංක්‍රමණය වන බවත් ගමනේ පවතින දැඩි අනතුරුදායක බව හේතුවෙන් වැඩි පිරිසක් මියයන බවත් ජාත්‍යන්තර සංවිධාන පෙන්වා දෙයි.